දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් හා තලේමන්නාරම අතර ගොඩබිම් මාර්ගයක් සැකසීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී මෙම මාර්ගය සම්බන්ධයෙන් අදහස් පල කර ඇති බවත් ඒ අනුව ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමක් අනුව කඩිනමින් ප‍්‍රතිචාර ඉන්දියාවෙන් ලැබෙනු ඇති බවද හෙතෙම එහිදී පැවසීය.