දිනේෂ් ජනාධිපති කරන්න SJB යෝජනාවක්!
ශ්‍රී ලංකා පොදුජනට පෙරමුණට ලද ජන වරම සමග වැඩ කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරයා ලෙස පත්කළ යුතුව තිබුණේ දැන් අග්‍රාමාත්‍ය ධුරයේ සිටින දිනේෂ් ගුණවර්ධන මහතා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව පොදු ජන පෙරමුණේ ඉදිරිපෙල නායකයකු ලෙස සිටි දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති ධුරයට පත්කළේ නම් දැනට පාර්ලිමේන්තුවේ ඇති විකෘතිය සිදු නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ හිරු රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
දිනේෂ් ජනාධිපති කරන්න SJB යෝජනාවක්!
2024-02-17T08:01:00+05:30
Gossip Lanka Hot News






