gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද බෙල්ලන තනතුරෙන් නොයැව්වොත් කරන වැඩේ සෞඛ්‍ය වෘත්තීය සමිති කියයි!

වෛද්‍ය පරිපාලනයට නොව වෛද්‍ය වෘත්තියටවත් නුසුදුසු පුද්ගලයෙක්වන රුක්ෂාන් බෙල්ලන ඔහු දරන තාවකාලික තනතුරින් ඉවත් කරන ලෙසට සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලය වශයෙන් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වාචිකව ඉල්ලීමක් කළ බවත් වෘත්තීය සමිති ලෙස ඒ සම්බන්ධව අද  (17) උදෑසන ලිඛිත ඉල්ලීමක් සිදුකරන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලය රුක්ෂාන් බෙල්ලනව ප්‍රාණ ඇපකරවෙක් ලෙස ඔහුගේ කාමරය තුළ සිරකරගෙන සිදුකළ දැවැන්ත විරෝධතාවයක් අතර පොලිස් ආරක්ෂාව සහිතව ඔහු රෝහලින් පිට කිරීමෙන් පසු සිය ඉදිරි විරෝධතාවය සම්බන්ධව කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

මේ පුද්ගලයා දිගින් දිගටම කරන ප්‍රාථමික විනය විරෝධී ප්‍රකාශ සම්බන්ධව මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් නිසි පියවරක් නොගත් බව රවි කුමුදේශ් ප්‍රකාශ කළේය.

තමන් ආර්ථික යුක්තිය උදෙසා දියත් කළ සටනේ දී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවා යම් ආකාරයක සහයෝගයක් ලබා දුන් නමුත් මේ පුද්ගලයා හැසිරුනේ පිළිගත් කිසිම මානුෂික සදාචාරයකට එකඟව නොවන බව ද ඔහු කීවේය.

රුක්ෂාන් බෙල්ලන සම්බන්ධව වහාම පියවරක් ගන්නා ලෙස වෘත්තීය සමිති විසින් කරන ඉල්ලීම නොසලකා හැරියහොත් හෙට දිනයේ රාජකාරිවලින් බැහැර වීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් සැලසුම් කර ඇතැයි ද හෙතෙම පැවසුවේය.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන DAT ඉල්ලා වර්ජනය කළ වෘත්තීය සමිති සම්බන්ධව දැක්වූ අදහස් පහත දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka