සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කෙවිට අතට ගත යුතු යැයි ද, එසේ නැතිව කටයුතු කළ නොහැකි යැයි ද එම ඇමතිවරයාට එරෙහිව පැවති විශ්වාසභංග යෝජනා විවාදයේදී පොහොට්ටු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.
පසුගිය 2023 වසරේ සැප්තැම්බර් 08 වෙනි දින පැවති එම විවාදයේදී රෝහිත අබේගුණවර්ධන කළ එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් උපුටාගෙන පහත දැක්වේ.
“කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා මේ වගකීම හරියට ඉටු කරන ඇමතිවරයෙක්. ගරු ඇමතිතුමනි, ඒ නිසා අපි ඔබතුමාට එක කාරණයක් කියනවා. ඔබතුමා දැන් කෙවිට අතට ගන්න. නැත්නම් මේක කරන්න බැහැ. විශ්වාස භංගයකුත් ගෙනැල්ලා දැන් ඔබතුමා ජනප්‍රිය කරලා නේ තිබෙන්නේ. ඒ නිසා දැන් කෙවිට අතට ගන්න. කෙවිට අතට අරගෙන වැරැද්ද කොතැනද කියලා බලන්න. හැබැයි කැලෑ නීතියට නොවෙයි; ජනතා විමුක්ති පෙරමුණේ නීතියට නොවෙයි. කැලෑ නීතියට අනුව නැතිව රටේ නීතිය අනුව බලන්න කවුද වැරදි කරන්නේ කියලා. නැත්නම් ඒ කරන වැරදිවලට අපි ඔක්කෝටම වග කියන්න සිද්ධ වෙනවා. ඒ වැරැද්ද වෙන්න බැරි වෙන්න ඔබතුමා තීන්දු ගන්න. ඔබතුමා වැඩ කරන ඇමතිවරයෙක්. ඔබතුමා මේ රටේ අමාත්‍යාංශ ගණනාවක් මෙහෙයවා තිබෙනවා. ඒ අමාත්‍යාංශ ගණනාවකම වගකීම් ටික ඔබතුමා හරියට ඉටු කළා. ඒ වගකීම් ඉටු කළ ආකාරය ගැන අපට ඔබතුමා ගැන අත්දැකීමක් තිබෙනවා. අපි ඒ විශ්වාසය තියලා තිබෙනවා. ඒ විශ්වාසය පවත්වා ගෙන යන්න ඔබතුමාට පුළුවන්.“
