ඇමති හරීන්ගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුව උණුසුම් වෙයි...විමල් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි (VIDEO)
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (20) දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
කැබිනට් මණ්ඩලයේ මතය නොවේනම් එය ආණ්ඩුවේ නිලමතයද, නැතිනම් ඔහුගේ පෞද්ගලික මතයද යන්න හෙළිකළ යුතු බවත් තමන්ගේ රට සම්බන්ධයෙන් එවැනි පෞද්ගලික මතයක් දැරීමට ඔහුට ඇති අයිතිය කුමක්ද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කළේ,
ඒ කතාව සම්පූර්ණයෙන්ම බැලුවනම් කියපු දේ හොඳට තේරෙනවා. සමාජ මාධ්‍යවලින් වචන එකතු කරලා කපල විකෘති කරලා. ඉන්දියාව ලංකාව අතර ඓතිහාසික සබඳතාව පෙන්නලා ලංකාවට එන්න කියලා ආරාධනා කරපු කතාවක් ඒක. සම්පූර්ණ කතාව ඇහුවනම් ගැටලුව නිවැරදි කරගන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයේ කතා වෙච්ච කාරණයක් නොවෙයි.
ඇමති හරීන්ගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුව උණුසුම් වෙයි...විමල් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි (VIDEO)
2024-02-20T11:39:00+05:30
Gossip Lanka Hot News






