රුක්ෂාන් බෙල්ලනට ජාතියට කළ හැකි උපරිම සේවාව, විශ්‍රාම යෑම බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රවි කුමුදේශ් පවසයි.
ඔහු ඊයේ (20) ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ සෞඛ්‍ය සේවාවේ අතිශයින් වැදගත් තනතුරක් විහිළුවට ලක් නොකර, විශ්‍රාම ගොස් නිතා පතා පැමිණ රෝද පුටු තල්ලු කළද ජාතික රෝහලේ කිසිම වෘත්තීය සමිතියකට ගැටලුවක් නැති බවය.
එවිට ඔහුට එරෙහි නොවන බවත්, ඔහුට කැමති ප්‍රකාශක් එවිට නිදහසේ කළ හැකි බවත් රවී කුමුදේශ් පෙන්වා දෙයි.
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට ඔහු ඉතිහාසයේ කළ විනාශ කිසිවෙක් නොකළ බව පෙන්වා දෙන සභාපතිවරයා ඒ බව දැන දැනත් රජයේ නිලධාරී සංගමය ඔහුව සමීප කරගතහොත් එහි ප්‍රතිඵල ඉක්මනින්ම පැමිණීම නොවැලැක්විය හැකි බව ද රවී කුමුදේශ් අනතුරු අඟවයි.
අද මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශක් කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ පහසු පරිපාලනයක යෙදෙන බල්ලට ගිය රාජ්‍ය පරිපාලයනක් සහිත අරාජික රටක විශ්‍රාම යෑම සුදුසු බවය.
