gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසයේ විශාලතම පුද්ගලීකරණය මේ ආණ්ඩුවෙන් කරනවා - ජනපති

මෙරට ඉතිහාසය විශාලතම පෞද්ගලිකරණය වත්මන් ආණ්ඩුව යටතේ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කලේ කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

‘මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය අප දැන්ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉතිරි ඉඩම් ද ඇතුළුව ගොවි ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීම අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.

නවීන කෘෂිකර්මාන්තයට ප්‍රවිශ්ට වීමට කැමති ඕනෑම අයෙකුට අප එම ඉඩම් ලබා දෙනවා.

1935 වසරේ සිට අපි ගොවි ජනතාවට ඉඩම් ලබා දුන්නා. මෙම ඉඩම් සියල්ල ලබාදී තිබෙන්නේ ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බලපත්‍ර මතයි.

ඒ නිසා මෙම ඉඩම්වල නීත්‍යනුකූල අයිතිය ගොවි ජනතාවට හිමි වුණේ නැහැ. දැන් අපි ඔවුන්ට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දෙනවා. ඒ අනුව මේ වසරේ පමණක් මිලියනයකට අධික ගොවීන් පිරිසකට සින්නක්කර ඉඩම් අයිතිය ලැබෙනවා.’


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka