හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරනු ලැබු මල්වාන නිවස නිරීක්ෂණය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
ඒ අනුව, අධිකරණ අමාත්‍යවරයා අද (21) පස්වරුවේ එම නිවස පිහිටි පරිශ්‍රයට යාමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
එම පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීමටද නියමිතව තිබෙනවා.
උමන්දා කුලසිංහ
