ජනාධිපතිතුමාගේ කොන්දේසි අනුව මට කතා කරන්න බැහැ... මගේ නැතිවෙච්ච එක ගැන ගැන කතාකරන්න කවුරුත් නෑ – රන්ජන්
අහිමි වූ සිය ප්‍රජා අයිතිය යළි ලබාදීමට කිසිවකු කතානොකරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනමාධ්‍යවේදීන් අමතමින් අද ප්‍රකාශ කර ඇත.
“මගේ ප්‍රජා අයිතිය අවුරුදු හතකට නැතිවෙලා. ජනාධිපතිතුමාගේ කොන්දේසි සහිත සමාව අනුව මට දේශපාලනය ගැන කතා කරන්න බැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මාව හිරෙන් නිදහස් කරන්න ඉදිරිපත් වුණ වෙලාවේ දීපු කොන්දේසිවලට මම යටත් වෙනවා” ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
2021 දී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හෙතෙම 2022 දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමාව ලබාදී නිදහස් කරන ලදී.
ජනාධිපතිතුමාගේ කොන්දේසි අනුව මට කතා කරන්න බැහැ... මගේ නැතිවෙච්ච එක ගැන ගැන කතාකරන්න කවුරුත් නෑ – රන්ජන්
2024-02-16T21:04:00+05:30
Gossip Lanka Hot News






