gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකා සහ ජනපති අතර හමුවක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී ඊයේ (07) සිදුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ඉදිරිපත් කළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අනතුරුව සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා හමු වී ඇති අතර, පැයක පමණ කාලයක් දෙදෙනා සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවට වෙනත් කිසිවකු සහභාගි වී නොතිබුණු අතර සාකච්ඡා වූ කරුණු මොනවාදැයි හෙළිදරව් නොවුණු බව ‘දිනමිණ’ වාර්තා කරයි.

එම වාර්තාවට අනුව සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ඊයේ හමු වී තිබේ.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී එය වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබූ නමුත්, සරත් ෆොන්සේකා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට ජනපතිවරයාගේ ප්‍රකාශයට සවන් දුන්හ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka