gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පන්සල්වල ඉන්නෙ බදු නොගෙවන කෝටිපතියෝ… පන්සල්වලින් ආදායම් බදු අය කරනු - වනවාසී රාහුල හිමි

ආගමික නායකයන් යනු බදු නොගෙවන කෝටිපතියන් බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ චෝදනා කරති.

ජනතාව විවිධ දුක් ගැට විඳිමින් උපයාගන්නා දෙයට ආදායම් බදු කරගන්නා ලෙසම ආගමික ස්ථාන වලින්ද බදු අය කිරීමට රජය පියවර නොගැනීම අතිශයින් අසාධාරණ බවද උන්වහන්සේ කියා සිටිති.

එනිසා අනිවාර්යයෙන්ම සෑම ආගමක ස්ථානයකින්ම ආදායම් බද්දක් අය කර ගතයුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

“බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු පූජනීය ස්ථාන තියෙනවා, දවසකට රුපියල් කෝටි ගණන් එකතු වෙන. ඒ හැම තැනකින් ම අනිවාර්යයෙන් බද්දක් අය කර ගත යුතු යි. මම ආගමික නායකයින්ව හඳුන්වන්නේ බදු නොගෙවන කෝටිපතියෝ විදිහට යි.

මේක හැම කෙනාට ම සාධාරණයක් වෙන්න නම් ආගමික ස්ථානවලිනුත් බදු අය කර ගත යුතු යි.හැම බද්දක් ම හැම පුරවැසියා ම ගෙවන්න ඕනෙ. මේ ආගමික ස්ථානවලට මුදල් දෙන්නෙත් අමාරුවෙන් කීයක් හරි හම්බ කර ගන්න සාමාන්‍ය පුරවැසියෝ. ඔවුන් බදු වර්ග ඔක්කොම ගෙවන ගමන් ආගමික ස්ථානවලටත් මුදල් දෙනවා. ආගමික ස්ථානවලින් ඒවාට බද්දක් අය කර ගන්නෙ නැත්නම් ඒක බදු ගෙවන අසරණ මිනිස්සුන්ට කරන විශාල අසාධාරණයක්.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka