gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් එපාවී යළි සිරිකොත මහ ගෙදරට ගිය ඇමති පුතා මෙන්න

එකසත් ජාතික පක්ෂයට එකතුවූ සමගි ජන බලවේගයේ හිටපු කටුගම්පල ප්‍රධාන සංවිධායක අසංක පෙරේරා මහතා අද යළිත් එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඒ පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අතින්.

සිරිකොත පක්ෂ මුලස්ථානයේදී එම සාමාජිකත්වය ලබා ගැනීම සිදුවුණා.

එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයෙක් ලෙස කටයුතු කළ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු කැබිනට් අමාත්‍ය, වයඹ පළාත් සභාවේ හිටපු මහ ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුතණුවන් වන අසංක පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවට සහ වයඹ පළාත් සභාවට මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වුණා.

පසුව සමගි ජන බලවේගයට එක් වූ අසංක පෙරේරා මහතා යළිත් ජනාධිපතිවරයාට සහාය දක්වමින් අද දිනයේ එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වුණා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහතා ද එක්ව සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka