මෙරටට සහනාධාර වශයෙන් පොහොර ආනයනය කිරීමේදී රුපියල් කෝටි සියයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කිහි කිපයක ඉහළ තනතුරු දරන්නන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
ආනයනය කරන ලද යූරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී මොවුන් රුපියල් බිලියනයට අධික මුදලක් වංචා කර ඇති බවද හෙළිදරව් වී ඇත.
අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර ප්‍රධාන සමාගම් පහක තනතුරු දරන්නන්ද සිටි.
2018 වසරේ සිට ගොවීන්ට ලබාදීමට නියමිතව තිබු සහනාධාර පොහොර ගොවීන්ට ලබා නොදී විවිධ වංචනික ක්‍රම මගින් වැඩි මිලකට වෙනත් සමාගම් කිහිපයක් වෙත ලබාදී ඇතැයි මේ වන විට හෙළි වී ඇත.