gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නවතම සමීක්ෂණ වාර්තා අනුව ජනාධිපතිවරණය දිනන්නේ කවුද?

තමන් ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවට ඇතැම් පක්ෂ ව්‍යාජ සමීක්ෂණ ඉදිරිපත් කරමින් සිටින බව සමගි ජන බලවේගය ප්‍රකාශ කර සිටිනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සමාජ මාධ්‍ය තුළ හැමදාම ජයගන්නේ එම පක්ෂය පමණක් නමුත් මැතිවරණයෙන් ලැබෙන්නේ ඉන් වෙනස් ප්‍රතිඵල බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

සමාජ මාධ්‍යයේ හතු පිපෙන්නාක් මෙන් සමීක්ෂණ වාර්තා එළියට එන බවත් එම දත්ත වාර්තා අසත්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අවධාරණය කළා.

සමීක්ෂණ වාර්තාවල පෙන්වන වාර්තා දත්තවලට නියැදි සහ තොරතුරු ගන්නේ කෙසේද යන්න පැහැදිලි නොමැති බවයි ඔහු වරඩි දුරටත් කියා සිටියේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka