gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිසිදු සත්‍ය ලේඛන නෑ.. සියල්ල බොරු ලේඛන... කෙහෙළියගේ වංචාව හෙළිවෙයි!

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබු අවස්ථාවේදී රෝගී තත්ත්වයක් හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් පෙබරවාරි (22) වැනිදා වනවිට අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවද බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගත් දිනයේ සිට මේ දක්වා සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සදහන් කළේ,

” ස්වාමිනී, මෙම නඩුවේ 08 වැනි සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමුවීම සඳහා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පා ඇතැයි විමර්ශනයේදී තවදුරටත්‍ තහවුරු වෙමින් තිබෙනවා.

2022 සැප්තැම්බර් 26 වැනිදා ඔහු විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ පත්‍රිකාවේ රට තුළ ඖෂධ 182ක හිඟයක් පවතින බවත්, සති දෙකක් තුළ එම හිඟය නොපියවුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් ඖෂධ 182ක් කිව්වාට ඒ කුමන ඖෂධදැයි කිසිඳු ලේඛනයක සඳහන් වෙලා නැහැ. ස්වාමීනි ඊට පසුදිනම මෙම නඩුවේ 06 වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක  ශ්‍රී චන්ද්‍රගුප්ත ඖෂධ වර්ග 285ක් සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ අභිලාෂ කැඳවා තිබෙනවා.  

එහෙත් ස්වාමිනී එයින් ප්‍රසම්පාදනය ක්‍රියාවලියට යොමුකර ඇත්තේ ඖෂධ 229කට අදාළව පමණයි. එකී ඖෂධ සම්බන්ධයෙන් ප්‍රසම්පාදනය සිදුකරන අවස්ථාව වනවිටත් ඖෂධ 19ක් හැර සෙසු ඒවා සියල්ලටම අදාළව ප්‍රමාණවත් තොග මෙරට තුළ පැවතී තිබෙනවා. ස්වාමීනී, ඉතිරි ඖෂධ 19න් 9ක් සම්බන්ධයෙන් අද වනතුරුත් ප්‍රසම්පාදනයක් සිදුව නැහැ.

ප්‍රසම්පාදනය සිදුකළ ඖෂධ 10ට අදාළව ඖෂධ ලැබී ඇත්තේ මාස 3කට පසුවයි. එබැවින් ස්වාමීනි ඉතා පැහැදිලිව පෙනී යනවා නොතිබූ ඖෂධ හිඟයක් මවා පාමින් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවට යොමුකර ඇත්තේම රටේ ජනතාවගේ මුදල් රුපියල්  බිලියන 2ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට චේතනාන්විතව ආධාර අනුබල දීම සඳහා බව.

ස්වාමීනි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යටතේ මෙම ගොනුව පවත්වාගෙන ගොස් තිබෙනවා. නමුත් ඔහුගෙන් මේ ගැන ඇහුවම ඔහු ඊට අදාළ කිසිදු සත්‍ය ලේඛනයක් නොමැති බව සඳහන් කර තිබෙනවා. ඔහු විමර්ශන නිලධාරීන්ට දී තිබෙන්නේ ෆොටෝකොපි පමණයි. අපිටත් ප්‍රශ්නයක් කිසිම සත්‍ය ලේඛනයක් නැතිව කොහොමද කැබිනට් පත්‍රිකාවට ඖෂධ හිඟයි කියලා යොමුකළේ කියලා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka