gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු බෝම්බ ගැහුවේ ජවිපෙ කොළඹ නායකයෙක් හා ඔහුගේ පුතුන් තිදෙනා - ප‍්‍රසන්න

මේ මොහොතේදී ජනාධිපති අපෙක්ෂකත්වයට වත්මන් ජනාධිපතිවරයාට වඩා සුදුස්සකු තම පක්ෂයේ සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බවත් එසේ සුදුස්සකු නැතිනම් ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටම ලබාදිය යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා පවසන්නේ මේ මොහොතේදී පක්ෂයට වඩා රට ගැන සිතා අභියෝගවලට මුහුණදිය හැකි අනාගතවාදී නායකයකු පත්කරගත යුතු බවයි. වත්මන් ජනාධිපතිවරයා ඒ සඳහා ඉහළම සුදුසුකම් ඇති බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගනෙහිමුල්ල කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ අනුර කුමාර දිසානායකලා ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන හෝ රට සංවර්ධනය කරන වැඩපිළිවෙලක් ගැන කිසිදාක කතා නොකරන බවයි. එවැනි කයිවාරු කාරයකුගෙන් රටක සංවර්ධනයක් බළාපොරොත්තුවිය නොහැකි බවද ඔහු කීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද සඳහන් කළේය.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා රටට දේශපාලන සිස්ටම් එකක් හැදුවා. දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කතා කළා. එතුමා දේශපාලනය කරන්න පටන් ගත්තේ ඔක්කොටම එක තැනක වාඩි වෙලා රට වෙනුවෙන් වැඩ කරන්න කියන ඉල්ලීම කරලයි. ආර්ථික ප්‍රතිසංස්කරණවලදී මිනිස්සු ඉල්ලන දේ නෙමෙයි රටට හොඳ දේ කරනව කිව්වා. අපි ගත්ත තීන්දු ජනප්‍රිය තීන්දු නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ රටේ මිනිස්සුන්ට සිස්ටම් එක පුරුදු කළ එකයි. මිල සූත්‍රයක් දුන්නා මිල වැඩිවෙනකොට වැඩි වෙන්නත් අඩුවෙනකොට අඩු වෙන්නත්. රුසියාව යුක්රේන යුද්ධය නිසා ඉන්ධන මිල වැඩි වෙනවා.

අනුර කුමාර දිසානායක අද කතා කරන්නේ ඒ අය ආණ්ඩුවල හිටියේ නෑ වගෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එනකොට මෙයා තමයි විහාරමහා දේවිය කියලා ගෙනාවේ. එතුමිය දිනවලා ඇමතිකම් හතරකුත් ගත්තා. ඒ මැතිවරණයේදී රෙජි මහත්තයා පැරදුනා. ඒ අය ආණ්ඩුවේ කොටස්කාරයෝ වුණා.

මහින්ද රාජපක්ෂ මහත්තයා ගේනකොට දකුණේ දුටුගැමුණු කියලා ගේනාවා. මහින්ද චින්තනය තමයි රටට ගැලපෙන්නේ කියලා ඔවුන්ගේ නායකයෝ කියනවා දකිනවා. අපිත් එක්ක එකතු වෙලා පස්සේ සරත් ෆොන්සේකා එක්ක එකතු වුණා. එතැනින් ගියේ රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල හදපු යහපාලන ආණ්ඩුවට ගියා. ඊට පස්සේ දුෂණ කමිටුවේ සභාපති ලෙස අනුර කුමාරගේ ලේකම් කටයුතු කළා. අනුර කුමාරයි එය මෙහෙයුවේ. ඒ අණ්ඩුවෙත් හිටියා. අපි 225 හිටියේ නෑ ආණ්ඩු කළේ නෑ කියලා ඔවුන්ට කියන්න බෑ. අලුත් මතයක හදන්න හදනවා අද. 88/89 කාලවලදී වුණ දේවල් 2000 පස්සේ පරම්පාරාව දන්නේ නෑ.

තමන්ගේ දේශපාලන මතවාදයට ගරු කරන්නේ නැත්තම් තුණ්ඩුවට කඩේ වැහුවේ නැත්තම් ඒ මිනිහව වෙඩි තියලා මැරුවා. රෑට ගෙවල් වලට ගිහින් මිනිස්සු මැරුවා. අපේ පක්ෂ කවදාවත් මිනී මරලා, රාජ්‍ය දේපළ ගිනි තියලා විනාශ කරලා නෑ. ඒ හැම අපරාදයක්ම කරපු කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ. අද ඔවුන්ට ඒ පාපයෙන් ගැලවෙන්න බෑ. ඒ ඉතිහාසය දන්න මිනිස්සු හැමදාම ජනතා විමුක්ති පෙරමුණ 3% තියන්නේ ඒ නිසයි. ඊයේ පෙරේදා මහගම කාන්තා සම්මේලනයක් තිබුණා. බයිසිකල්වලින් කාන්තාවෝ 300ක් විතර ගියා. මම මේ රැස්වීමට කලින් ගියේ ඒ ගමට. මම ගිහින් ඇහුවේ ඒ ගමේ පවුල් කීයක් තියෙනවද කියලා. ඡන්ද නාමලේඛනය ගත්තම ඉන්නේ කාන්තාවෝ 170යි. මම ඇහුවේ මේ ගමේ පිරිමින්ට ගෑණු දෙන්නා දෙන්නා ඇති නේද කියලා.

රාජපක්ෂලා හොරා කෑව කියන ජනතා විමුක්ති පෙරමුණට තමන් කරපුව අමතකයි. ඔවුන් 88/89 කාලයේදී දේපලවලට ගිනි තිබ්බා. ඒක නිසා මේ ආර්ථික අර්බුධයට ජනතා විමුක්ති පෙරමුණත් වගකිව යුතුයි. ආර්ථික ගැටළුව ගෝඨාභය මහත්තයාගේ කාලයේ සිද්ධ වුණ දෙයක් නෙමෙයි. වසර 30ක යුද්ධයක් තිබුණා. යුද්ධය තමයි හොරකන් කරන්න තිබුණ හොඳම මාර්ගය. 2005 වසරේ මහින්ද මහත්තයා දිනලා 2009 වසරේදී අපි යුද්ධය අවසන් කළා. එදා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා කොටින්ට ආයුධ සහ මුදල් ලබා දුන්නා.  දීපු ආයුධවලින් අපේ පොලිස් නිලධාරීන් 600කට වඩා මැරුණා ඔබට මතක ඇති. එහෙම ඉතිහාසයක් අපිට තිබුණා. ලෝකයේ රටවල් ආධාර කරනකොට අපිට යුද්ධය කරන්න ආධාර කළේ නෑ. අපේ රටේ ලැබෙන ආධායම වියදම් කළේ යුද්ධයට. යුද්ධය නිසා, ස්භාවික විපත්, 83 කලු ජූළිය වැනි දේ නිසා අපේ ආර්ථිකය ආපස්සට ගියා.

ජනතා විමුක්ති පෙරමුණ මැයි 9 වැනිදා කළෙත් 88/89 කාලයේ කරපු දේමයි. අරගලකාරයෝ වැඩි හරියක්ම ගෙවල් ගිනි තිබ්බේ ගම්පහ. මිනුවන්ගොඩ ආසනයේ ගෙවල් 13ක් ගිනි තිබ්බා. ඔවුන් ඒ හැමදේම කළේ අපිව ජනතාවගෙන් ඈත් කරන්නයි. ඔවුන් තේරුම් ගත්තේ නෑ අපිව තලන්න තලන්න තමයි මුවහත් වෙන්නේ කියලා. සංචාරකයෝ දැන් වැඩි වශයෙන් ලංකාවට එනවා. දැන් විරෝධතා, උද්ඝෝෂණ පවත්වනවා. ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනකොට ඒකත් කඩා කප්පල් කරන්න හදයි. ජනතා විමුක්ති පෙරමුණ ගමේ වැඩක් කරන්න දෙන්නෙත් නෑ. ඔවුන් කරන්නෙත් නෑ. ඔවුන් කටයුතු කරන්නේ සමාජ වෛරක්කාරයෝ විදියටයි. මලකඩ කාපු දේශපාලන කරන්න එපා. රට ගැන හිතලා වැඩකරන්න කියලා මම අනුර කුමාර කියනවා.

මගේ දේශපාලන මතයට අනුව රනිල් වික්‍රමසිංහ මහත්තයා නිර්පාක්ෂිකයෙක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයට එන්න ඕනි. අපි ඔක්කොම එකතු වෙලා එතුමට උදව් කරන්න ඕනේ. එදා අපි මහින්ද මහත්තයව දිනෙව්වේ යුද්ධය ඉවර, බයක් සැකක් නැතුව සාමයෙන් මේ රටේ ජීවත් වෙන්න වතාවරණය හදන්නයි. අපි ජාතික නායකයෝ තොරනකොට ජාතික ප්‍රශ්නයක් ඉල්ලක කරගෙනයි තෝරා ගත්තේ. යුද්ධය ඉවර වුණාම යටිතල පහසුකම් හදලා රට සංවර්ධනය කරන්න මහින්ද මහත්තයව මිනිස්සු තෝරා ගත්තා. රට සිස්ටම් එකකට ගේන්න යහපාලනයක් ඇති කරන්න කියලා මිනිස්සු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තෝර ගත්තා. මම එදා ඔහුට විරුද්ධව කටයුතු කළ කෙනෙක්. ඔහු වැඩ කළාද නැද්ද කියලා මිනිස්සු තීන්දු කරන්න ඕනේ. පාස්කු ප්‍රහාරය එක්ක, ජාතික ආරක්ෂාව කඩන් වැටෙන කොට තමයි ගෝඨාභය මහත්තයව ගෙනාවා. පාස්කු ප්‍රහාරය කළේ අපි කියලා අද අපිට චෝදනා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ඊබ්‍රහීම් කියන මනුස්සයයි එයාගේ පුත්තු තුන්දෙනා එකතු වෙලා බෝම්බ තිබ්බේ. පුත්තු තුන්දෙනාම ජවිපෙ බල මණ්ඩලවල හිටපු අයයි. ගෝඨභාය දිනවන්නද ජවිපෙ කතෝලික මිනිස්සුව මැරුවේ කියල මම ජනතා විමුක්ති පෙරමුණේන අහනවා.

– ප්‍රදීප් අනුර කුමාර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka