gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැරදිකරුවන් හිරේ නොදා සිංගප්පූරු තාලෙට නිවාස අඩස්සියට දාන්න මේ අවුරුද්දේ නීති – වැරදිකාරයට චිප් එකක් දානවා!

සිවිල් වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන් නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රියාවලියක් මෙම වසර ඇතුළත ක්‍රියාත්මක කිරීමට අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

බන්ධනාගාර තදබදය අවම කිරීම මෙහි අරමුණ වී ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක සඳහන් කළේ, අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කරමින් සිටින බවත්, එම ක්‍රියාවලිය අවසන් වූ පසු පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය බවයි.

සිංගප්පුරුව ඇතුළු බොහෝ රටවල මෙම ක්‍රමය භාවිත කරන බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

ඒ අනුව, එම නියෝගයේ දක්වා ඇති කාලසීමාව තුළ වැරදිකරුවන්ට නිවෙස් තුළ රැඳී සිටීමටත්, උපදේශන හෝ පුනරුත්ථාපන සැසිවලට සහභාගි වීමටත් සිදු වේ.

ඔවුන් සිටින ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික චිපයක් හෝ ඔරලෝසුවක් පැළඳිය යුතු බවද ඔහු පැවැසීය.

රට පුරා බන්ධනාගාර 30ක රැඳවියන් 13,000ක් පමණ රඳවා තබා ගැනීමට පහසුකම් තිබුණද 33,000කට අධික රැඳවියන් පිරිසක් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෑතකාලීන දත්ත පෙන්වා දෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka