gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මම යකාටවත් බය නැහැ… යනවානම් යන්න…" සජිත් – ෆොන්සේකාට ගැටුම උග්‍ර වෙයි

තමන් යකෙකුටවත් බය නැති බවත් පක්ෂයේ නිලතල දරමින් පක්ෂයට රණවිරුවන් මදි යැයි කිය කියා තැන තැන විවේචනය කිරීමට එරෙහිව විනය පියවර ගන්නා බවත් විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමදාස ගාල්ලේ පැවති පළාත් පාලන නියෝජිත හමුවකදී ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ගෝටාබය රාජපක්ෂට සමීපව කටයුතු කළ හිටපු හමුදාපති දයා රත්නායක සජබයට එක් කර ගැනීමට විරෝධය දක්වමින් එම පක්ෂ මන්ත්‍රී සරත් ෆොන්සේකා සිදු කළ විරෝධය දැක්වීමට ප්‍රතිචාර දක්වමිණි.

එහිදී ඔහු ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්,

“මම දැන් එළිපිටම එකක් කියනවා. කිසිම කෙනෙක් මට කෝල් දෙන්න එන්න එපා, අරයාව ගන්න එපා, මෙයාව ගන්න කියලා. මෙයාගෙ පැත්තට. මම ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. මම තොටිල්ලක දාලා නැලවෙන තොත්ත බබෙක් නෙවෙයි. මමත් යම් කිසි කාල වකවානුවක සක්‍රීය දේශපාලන අත්දැකීම් ලබාගෙන, ජනාධිපතිවරයෙකුගේත්, අගමැතිවරයෙකුගේත්, ඇමතිවරයෙකුගේත්, නියෝජ්‍ය ඇමතිවරයෙකුගේත්, මන්ත්‍රීවරයෙකුගේත් පුතෙක් හැටියට වසර ගණනාවක් අත්දැකීම් ලබපු පුද්ගලයෙක්.

ඒ නිසා අරයව ගන්න එපා. මෙයාව ගන්න එපා. මෙයාව ගත්තොත් මම යනවා. යන්න ඕන නම් යන්න. මොකද පෝලිමට ඉන්නවා එන්න. ගෝටාබය රාජපක්ෂට ඡන්දය දුන්න අය පට එකතු වෙන එක හොඳ නැහැ. නමුත් අනික් හාදයොන්ට එකතු වෙන එක ඒක හොඳයි. මේ අපිට විතරයි එක්අහුවෙන්න හොඳ නැත්තේ? ගෝටාබය රාජපක්ෂගේ වම් අත හෝ වේවා දකුණු අත හෝ වේවා වම් කකුළ හො වේවා, දකුණු කකුළ හෝ වේවා ඒ ගොල්ලො අරගොල්ලන්ට එක්අහුවෙනකොට, නෑ ඒක සුපිරි දෙයක්. ඒක මරු වැඩක්. හැබැයි සමගි ජන බලවේගයට නෑ ඒක හොඳ නැහැ.

මම එකක් කියන්න කැමතියි. මම හොඳට තේරුම් ගන්න පුළුවන් පිරිසිදු කවුද, අපිරිසිදු කවුද, හොඳ නොහොඳ කවුද. මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි තැන් තැන්වල ගිහිල්ලා එක එක කතා කියලා රනවරුවො මදි කිය කිය ඉන්න, පක්ෂය විවේචනය කරන අයට විරුද්ධව තරාතිරම නොබලා විනය පරීක්ෂණ පවත්වනවා. මම ඕනම තීන්දුවක් ගන්නවා මම යකාටවත් බය නැහැ.

පක්ෂයේ නිල තල දරන අය කරන්න ඕන පක්ෂය වට්ටලා අනාගතයේ ඔබගේ තැනක් හදා ගන්න එක නෙවෙයි ඡන්දය දිනවීමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට ඕනා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka