gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මල්වතුහිරිපිටියේ හිමිනම ඝාතනයේ අභිරහස හෙළිවෙයි! ගිනි අවි දෙකක් සමගම හසුවෙයි!

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සිටි වාහනයේ රියදුරු ලෙස කටයුතු කළ බව සැකකෙරෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් කණ්ඩායමක් විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සැකකරු හෝමාගම පදිංචි අවුරුදු 29ක් වයසැති අයෙකු බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගිනි අවි 2ක් අත්බෝම්බයක්, සහ උණ්ඩ පහළොවක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබු බවත් සඳහන්.

ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් අපරාධය සඳහා යොදාගත් කාර් රථයේ යතුරක් සහ ජංගම දුරකථනයක් ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka