වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රාණ ඇපයට තබාගෙන ජාතික රෝහලේ වෛද්‍ය නොවන රෝහල් කාර්ය මණ්ඩලය එළියට බසී! .. තත්ත්වය සමනයට පොලිසිය ජාතික රෝහලට!
කොළඹ ජාතික රෝහලේ සුළු සේවක සේවිකාවන් මේ වන විට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පරිපාලන ගොඩනැගිල්ලත් වටකරමින් රෝහල් සේවකයින් බල කරන්නේ දැනට ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වහාම ඉවත් කරන ලෙසය.
මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ උණුසුම් තත්ත්වයක් ද ඇතිව තිබේ. මේ වනවිට හෙදියන්ද ඇතුලු සමස්ථ වෛද්‍ය කාර්ය මණ්ඩලය වැඩ නවත්වා එළියට බැස ඇත.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ නිල කාමරය වට කර සෞඛ්‍ය සේවකයෝ සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කරමින් සිටිති. වර්ජකයින් කිසිවෙකුට වීඩියෝ කිරීමට හෝ ඡායාරූප ගැනීමට ඉඩ දෙන්නේ නැත.
නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට පහර දීම සඳහා ද පිරිසක් ද සූදානම් බව අභ්‍යන්තර ආරංචි මාර්ගකියයි. මේ වනවිට තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා පොලිසිය රෝහල් භූමියට ඇතුළු වී තිබේ.
මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ පසුගිය දා වෘත්තීය සමිති 72ක් එක්ව දියත් කළ සෞඛ්‍ය වර්ජනය සම්බන්ධව ඉතා දැඩි විවේචනාත්මක අදහස් දක්වමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති ලෙස අදහස් දැක්වීම ය.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රාණ ඇපයට තබාගෙන ජාතික රෝහලේ වෛද්‍ය නොවන රෝහල් කාර්ය මණ්ඩලය එළියට බසී! .. තත්ත්වය සමනයට පොලිසිය ජාතික රෝහලට!
2024-02-16T18:34:00+05:30
Gossip Lanka Hot News



.jpg)


