gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොදුජන එක්සත් පෙරමුණ හදන්නේ රනිල්ගේ සහායට – ලාන්සා එක්ක රනිල් දිනවන්න යන අනුර යාපා ‘පුටුව’ හදන සාකච්ඡාවේ (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව ‘පොදුජන එක්සත් පෙරමුණ’ යළි ගොඩනගමින් නිර්මාණය කරන දේශපාලන සන්ධානය, ඉදිරි මැතිවරණවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පලකිරීමට සූදානම් වන බවට පළවන අනාවැකි තහවුරු කෙරෙන සිදුවීමක් ඊයේ පස්වරුවේ දැකගත හැකි විය.

එනම්, මේ වන විට නිමල් ලාන්සා මන්ත්‍රීවරයාගේ ප්‍රමුඛත්වයෙන් ගොඩනගා ඇති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයකදී දිනවීමේ සන්ධානයේ ප්‍රබලයකු වන අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාද පොදුජන එක්සත් පෙරමුණ ගොඩනැගීමේ සාකච්ඡාවලට එක්ව සිටීමයි.

ඊයේ, පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පැවති විධායක සභා රැස්වීමට මෙලෙස අනුර යාපා මන්ත්‍රීවරයා සහභාගී වී සිටියේය.

එම රැස්වීමේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

ලබන පෙබරවාරි 22 වැනිදා පොදුජන එක්සත් පෙරමුණට නව ලේකම්වරයකු තෝරා ගැනීමට නියමිතය.

කෙසේවෙතත් ඊයේ පැවැති රැස්වීමෙන් අනතුරුව ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අනුර යාපා මන්ත්‍රීවරයා මගහැර යනු දැකගත හැකිවිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka