gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

CEB ලොක්කී ප්‍රංශයෙන් සපත්තු බෑග් ගන්න වියදම් කළ 63000 ගැන හොයන්න ලක්ෂ තුනක් පුදලා!

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක් ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට එම මණ්ඩලය රුපියල් ලක්‍ෂ 3 කට අධික මුදලක් වැයකර ඇතැයි වාර්තා වේ.

එම සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට විශ්‍රාම ලත් විනිසුරුවයකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පත්කළ අතර එම කමිටුව අවස්ථා කීපයකදී රැස්වී ඇත. එම පරීක්‍ෂණයෙන් පසුව මණ්ඩලයෙන් ගෙවූ රුපියල් 63,000 ක මුදල එම අතිරේක සාමාන්‍යාධිකාරිවරියගෙන්  අයකර ගැනීමට තීරණය කර ඇති බවත් එම උසස් නිලධාරිනියට හෝ එයට සම්බන්ධ වෙනත් සෙසු කිසිදු පුද්ගලයකුට දඬුවම් පනවා නොමැති බවත් එහි  සේවකයෝ කියති.

එම විමර්ශනය පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන්ට ලක්‍ෂ ගණනින් මුදල් ගෙවා ඇති බවත් එහිදී ද මණ්ඩලය විශාල මුදලක් නාස්ති කර ඇති බවත් එහි සේවකයෝ පවසති.මෙම වියදම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කළ විමසුමකදී පැවසුවේ පරීක්ෂණය සඳහා කොපමණ මුදලක් වැයවූයේ ද යන්න නොදන්නා බවත් පරීක්‍ෂණ මණ්ඩලයට ගෙවීමක් කිරීම සාමාන්‍ය තත්වයක් බවත්ය.

එම ගෙවීම් පිළිබඳව සොයා බලා දැනුවත් කළ හැකි බව සභාපතිවරයා සඳහන් කර දින කීපයක් ගතවුව ද දැනුවත් කිරීමක් නොවීය. අතිරේක සාමාන්‍යාධිකාරවරිය ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවක් වෙනුවෙන් මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලයේ මුදලින් රුපියල් 63,000 ක් ගෙවීම ඇයට එල්ල වී ඇති චෝදනාව වේ.ලංවිම ලොක්කියක - හැටතුන්දාහට ගත් සපත්තු - බෑග් බිල මණ්ඩලයෙන් ගෙවලා' යන ශීර්ෂය යටතේ එම සිද්ධිය පසුගිය වසරේ නොවැම්බර් මස 24 වැනිදා ‘ලංකාදීප' පුවත්පතේ පළවූ අතර ඒ හරහා අදාළ සිද්ධිය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා දැනුවත් වීමෙන් පසුව ඒ පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කළේය.

යොහාන් භාසුර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka