‘මාලිමාව නීති විරෝධීයි..’ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්... නියෝගයක් ඉල්ලයි
ජාතික ජනබලවේගය මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කර ආකාරය නීති විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මෝසමක් ගොනුකර තිබේ.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබා දෙන්නයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෝසම ඉදිරිපත් කර ඇත.
ඒ මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇත්තේ විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනුකර ඇති පෙත්සමකට අදාළවයි.
ජනතා විමුක්ති පෙරමුණේම කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම නීති විරෝධී බවත් පවසන ඔහු එකම පක්ෂයක විවිධ ශාකා වෙන් වෙන්ව දේශපාලන පක්ෂ සේ ලියාපදිංචි කිරීම නීති විරෝධී බවත් කියා සිටී.
‘මාලිමාව නීති විරෝධීයි..’ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්... නියෝගයක් ඉල්ලයි
2024-02-07T07:37:00+05:30
Gossip Lanka Hot News






