කෙහෙළිය පරිසර ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි!
කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කර ඇති අතර ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව හිස්වූ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන ඇති බවද වාර්තා වෙනවා.
පසුගිය (02) දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී අමාත්‍යවරයා පෙබරවාරී 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කෙහෙළිය පරිසර ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි!
2024-02-06T14:29:00+05:30
Gossip Lanka Hot News






