gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආසියානු කුසලානයේ වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආරවුලක්:! අමතර ඩොලර් මිලියන 03කට වැඩි මුල්‍ය බර ගෙවන්නේ කවුද?

2023 වසරේ පැවැතී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතිරේක වියදම් සම්බන්ධයෙන් පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) අතර මූල්‍ය ආරවුලක් පැනනැගී තිබෙනවා.

පසුගිය වසරේ ආසියානු කුසලානයේ සත්කාරකත්වය පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට (බහුතරයක් තරග ශ්‍රී ලංකාවේ පැවැත්වුණා) මාරුවීම හේතුවෙන් ඇති වූ අමතර ඇමෙරිකානු ඩොලර් මිලියන 3-4ක බර දරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙම ගැටලුව උද්ගතව තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින භූ-දේශපාලන ගැටලු හේතුවෙන් ආසියානු කුසලානයේ මුල් සත්කාරක රට වන පාකිස්ථානයට තම කණ්ඩායම යැවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) අකැමැති වීමත් සමඟ, ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය දෙමුහුන් ආකෘතියක් තීරණය කර ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දීමට පියවර ගත්තා.

කෙසේ වෙතත් තරගාවලියේ තරගවලින් බහුතරයක් තරග ශ්‍රී ලංකාවේ පැවැත්වුණු අතර තරග කිහිපයක් පාකිස්ථානයේ පැවැත්වුණා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස කලින් වෙන් කරන ලද ගුවන් ගමන්, හෝටල් වෙන්කරවා ගැනීම්, ස්ථාන කුලියට ගැනීමේ ගාස්තු සහ ගමන් ගාස්තු සඳහා අමතර වියදම් දැරීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) පසුගිය සතියේ බාලිහි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී පවසා සිටියේ තමන් අමතර ආදායමක් නොලබන බැවින් සහ තරඟාවලියේ නිල සත්කාරකයා නොවන බැවින් මෙම අමතර මූල්‍ය බර පැටවීමට තමන් අකැමැති බවයි.

පාකිස්තානයේ සත්කාරක අයිතිය උදුරා ගැනීමට සහ මෙම ඉසව්ව දෙමුහුන් ආකාරයට පැවැත්වීමට තීරණය කිරීම නිසා අමතර වියදම් ආසියානු ක්‍රිකට් කවුන්සිලය ගෙවිය යුතු බව පාකිස්ථානය පවසා සිටිනවා.

කෙසේ වෙතත් බාලිහි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී එහි සභාපති ජේ ෂා පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ සමස්ත තරඟාවලියම ශ්‍රී ලංකාවට ගෙන යාමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය පසුව තරග හතරක් පාකිස්ථානයේ පැවැත්වීම දක්වා වෙනස් කළේ පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිසා එම වියදම් පාකිස්ථානය ගෙවිය යුතු බවයි.

PCBහි වැඩ බලන සභාපති Khawar Shah සහ CEO Salman Naseer බාලිහි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී මෙම ගැටලුව ඉදිරිපත් කරනවිට ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ජේ ෂා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා එකම මතයක කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්ථානයේ සත්කාරකත්වය සහ ශ්‍රී ලංකාවේ ස්ථානය සහ පහසුකම් භාවිත කළ බැවින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් PCB විසින් පියවා ගත යුතු බව ෂා එහිදී අනෙකුත් නිලධාරීන්ට පැහැදිලි කර තිබෙනවා.

හෝටල් නවාතැන් සහ වෙන්කළ ගුවන් ගමන් සඳහා වන බිල්පත් PCB තවමත් ගෙවා නොතිබීම සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සිය කනස්සල්ල පළකර ඇත.

කෙසේ වෙතත් මෙහිදී සභාපති ජේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට පවසා ඇත්තේ මෙම ගැටලුව ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය ඍජුව බේරාගත යුතු ගැටලුවක් බවයි.

කෙසේ වෙතත්, නසීර් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට සහතික වී ඇත්තේ හෝටල් නවාතැන් සහ ස්ථාන කුලියට ගැනීම සම්බන්ධ සමහර බිල්පත් සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලියක පවතින අතර ඒවා PCB විසින් ඉක්මනින් ලබාදෙනු ඇති බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික සමාගමක් වන Classic Travel හරහා ගුවන් ගමන් වෙන්කරවා ගත් බව PCB අවධාරණය කිරීමත් සමඟ, එම ගුවන් ගමන් සඳහා දරන ලද වියදම් පිළිබඳ ගැටලුව තවමත් නොවිසඳී ඇත.

PCB මේ වන විට ඩොලර් 281,700ක පෙර මුදලක් SLC වෙත ගෙවා ඇති අතර ඩොලර් 2,069,885ක් ලබා දීමට එකඟ වී ඇත.

එහෙත් PCB ආසියානු ක්‍රිකට් කවුන්සිලයට බලකර සිටින්නේ අමතර වියදම්වලින් කොටසක් බෙදාගෙන ඩොලර් මිලියන 2.5ක සත්කාරක ගාස්තුව ගෙවන ලෙසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka