gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිවෙසක් සෑදීමේදී මරු සිටින දිශාව පමණක් නොව හිරු සිටින දිශාව බලන්න - පාර්ලිමේන්තුවෙන් පණිවුඩයක්!

නව නිවෙසක් සෑදීමේදී මරු සිටින දිශාව පමණක් නොව හිරු සිටින දිශාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වූ අතර එම අධිකාරියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව කමිටුව හමුවේ ඉදිරිපත් කිරීමක් සහිතව පැහැදිලි කිරීම එම නිලධාරීහු සිදු කළහ.

මේ අනුව මෙහිදී නව නිවෙසක් සැකසීමේදී එම නිවසේ සූර්ය පැනල සවිකිරීමට ස්ථානයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට පළාත් මට්ටමෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කොට ඇති බවත් බස්නාහිර සහ වයඹ පළාත්වල මේ වන විට මෙම දැනුවත් කිරීම් ආරම්භ කර ඇති බවයි.

නමුත් ගුප්ත විද්‍යාව මත පදනම්ව මරු සිටින දිශාව පිළිබඳ ජනතාව සැලකිලිමත් වුවත් හිරු සිටින දිශාව පිළිබඳ සැලකිලිමත් නොවන බව මෙහිදී නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය. සූර්ය පැනල සවි කිරීමේදී මෙම තත්ත්වය ගැටලුවක් වී ඇති බවත් ඔවුහු සඳහන් කළහ.

මේ නිසා මෙම තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් ජනතාව දැනුවත් කර සූර්ය පැනල සවි කිරීම සම්බන්ධයෙන් ජනතාව උනන්දු කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දුන්නේය.

එසේම විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා LED විදුලි බල්බ භාවිතය දිරිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මැදිහත්වීමෙන් LED විදුලි බල්බ මිල අඩු කිරීමටත් ඒවා ජනතාව අතර ප්‍රචලිත කිරීමටත් හැකි වූ බවයි.

විශේෂයෙන්ම LED විදුලි බල්බ භාවිතය මගින් විදුලි බිල අවම වීමේ ප්‍රතිශතය සැලකිල්ලට ගෙන නොමිලේ LED විදුලි බල්බ ලබා දුන්නොත් මාස 2ක් ඇතුළත එම මුදල උපයාගැනීමට රජයට හැකි බව මෙහිදී කමිටුවට පෙන්වා දුන්නේය. මේ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කමිටුව මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව අනුමත කිරීම ද මෙහිදී සිදු විය.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka