අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්යකරුවෙකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර ඇති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප‍්‍රතික්‍ෂේප කර ඇත.
එසේ ප‍්‍රතික්‍ෂෙප කිරීම පිළිබඳව හේතු දක්වමින් ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයාට ලිපියක්ද යොමු කර තිබේ.
ඉකුත් සතියේදී ජනාධිපතිවරයා විසින් මෙම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබිණි.
යෝජනාව සලකා බැලීමට එම සභාව පසුගිය තිස් වැනි දා රැස්විය.
අග්‍රාමාත්‍යවරයා, ඇමති නිමල් සිරිපාද සිල්වා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරකාරියවසම් යන මහත්වරුන් ජනාධිපතිගේ නිර්දේශය අනුමත කර ඇතත් බහුතර සාමාජිකයන් එම තීරණය ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන්ය.
