gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රිමාන්ඩ්ද? ඇපද? කෙහෙලිය අධිකරණය හමුවට!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්තඩංගුවටගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (03) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර ඉමියොනෝග්ලෝබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනිසිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල නියෝගයකට අනුවයි.

ඒ අනුව ඊයේ (02) පෙරවරු 09.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියේය.

පැය 10 ආසන්න කාලයක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ අත්තඩංගුවට ගැනීම සිදුවිය.

ප්‍රමිතියෙන් තොර ඉමියොනෝග්ලෝබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 08 දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි.

– නාගොඩ සුමන උදයන්ත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka