බලකණු තුන හැප්පෙයි... ජනපතිගේ නිර්දේශ බෑ කී ව්‍යවස්ථා සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
වත්මන් අභියෝජනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරැනාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශයා පිළිබඳවයි.
නීතීඥ සරිත් මහීපුත්‍ර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා කථානායකවරයා විපක්ෂ නායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාජිකයන් පිරිසක් නම් කරමිනි.
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම නිර්දේශය ප්‍රතික්ෂේප කිරීම අත්තනෝමතික සහ අසාධාරණ තිරණයක් බවය.
බලකණු තුන හැප්පෙයි... ජනපතිගේ නිර්දේශ බෑ කී ව්‍යවස්ථා සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි!
2024-02-15T10:22:00+05:30
Gossip Lanka Hot News






