gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

75 වසරක සාපය ගැන කියන ජවිපෙට නාමල්ගෙන් උත්තරයක්!

මෙරට 75 වසරක සාපයක් ගැන කතා කරන සියලු දෙනාම මෙන්ම 88-89 තරුණයන් ඝාතනය කල, මෙන්ම අවුරුදු 30ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොල්ලුපිටියේ පැවති රැස්වීමකදී මාධ්‍ය විසින් විමසන ලද ප්‍රශ්න වලට පිලිතුරු ලෙසිනි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“ජනතා විමුක්ති පෙරමුණ ගෙවල් ගිනි තියමින් ආණ්ඩු බලය ලබා ගැනීමට උත්සාහ කළ අතර එය අසාර්ථක වූ බව ඔවුන්ට දැනුණු නිසා දැන් මිනිසුන් එකතු කරමින් වේදිකා මත කෑ ගසනවා. මේ රටේ 75 වසරක සාපයක් ගැන කියනවානම් 83 කළබල වලින් දේපල ගිණි තියලා මිනිස්සු ඝාතනය කරලා, අවුරුදු 30ක යුද්ධය පටන් ගත්තු අයත් වගකියන්න ඕනේ.
එහෙම නැත්නම් 88-89 තරුණයෝ 60,000ක් ඝාතනය කරපු අයත් වගකියන්න ඕනේ. බස් ගිණි තියපු අය, ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියපු අය, ඒ වගේම තමයි පහුගිය කාලේ අරගල කරලා ගෙවල් දොරවල් ගිණි තියලා, මේ රටේ ආර්ථිකය වට්ටලා සංචාරක ව්‍යාපාරය වට්ටපු අයත් වගකියන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ එක කාලයක් ගෝල්ෆේස් එකත් පිරෙව්වා.

ඉතිං ඒ අය දේශපාලනික වශයෙන් සෙනග ගෙනල්ලා තමන්ගේ ප්‍රතිපත්ති කතා කළාට ප්‍රශ්ණයක් නෑ. ඒක හොඳයි මොකද අරගලය වෙලාවේ අපි දැක්කානේ ගෙවල් ගිණි තියලානේ ආණ්ඩු බලය ගන්න හැදුවේ. සමහරවිට එතුමන්ලා හිතනවා ඇති දැන් ගෙවල් ගිනි තියලා ආණ්ඩු බලය ගන්න වැඩේ ෆේල් ඒ හින්දා කොහොම හරි මිනිස්සු ඒකතු කරලා ආණ්ඩු බලය ගන්න ඕනේ කියන තැනට පරිවර්ථනය වෙන්න ඕනේ කියලා ඒ හිතුන හින්දා වෙන්න ඇති ඉන්දියාවටත් යන්න ඇත්තේ. හැබැයි ඒ වේදිකාවෙත් අපිට බොරුවට බණින්නේ නැතිව, අපිට මඩ ගහන්නේ නැතිව ඒ අයගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කලොත් හොඳයි.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka