අලුත් සන්ධානය හදන්න කල් මරණ හේතුව හෙළිවෙයි!
ඉදිරියේ ඇතිවීමට තිබෙන දේශපාලන සන්ධානයේ කටයුතු මේවන විට අතරමග නතර වී ඇත්තේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ එක ස්ථාවරයක් නොමැතිවීම නිසා බව එහි ජේශ්ඨ නායකයෙකු කියා සිටියා.
පසුගිය මාස දෙකක කාලය තුල සාකච්ඡා වාර හතරකට ආසන්න ප්‍රමණයක් ඇය සමග පවත්වා ඇති බවද හෙතෙම සදහන් කලා.
එහෙත් මේ වෙන තෙක් ඇය මෙහි නායකත්ව මණ්ඩලයට එක්වනවාද නැද්ද යන්න ස්ථිර වශයෙන් ප්‍රකාශ කර නොමැති බවද ඔහු පවසනවා.
එම නිසා නව සන්ධානය එලි දැක්වීම දිනෙන් දින පස්සට යන බවත් ඒ කෙසේ නමුත් මාර්තු මස අවසන් වීමට ප්‍රථම එහි කටයුතු අවසන් කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.
අලුත් සන්ධානය හදන්න කල් මරණ හේතුව හෙළිවෙයි!
2024-02-26T14:04:00+05:30
Gossip Lanka Hot News






