මෑතකදී ඉන්දියානු සංචාරයක ගිය රතු සහෝදරයන්ට රුපියල් කෝටි 300ක මුදලක් ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පවසති.
මැතිවරණයට වියදම් කිරීමට මෙම මුදල ලැබුනු බවට තොරතුරු තමන් වහන්සේට ලැබී ඇති බවද උන් වහන්සේ පැවසූහ.
මෙහි සත්‍ය අදහස් අසත්‍යතාවය රතු සහෝදරයන් විසින්ම හෙළි කළ යුතුව ඇතැයි ද එහිමියෝ කියා සිටියහ.
උත්සව සභාවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
