gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමරකීර්ති අතුකෝරල ඝාතනයේ විත්තිකරුවන්ට නීතිපතිගේ අනුමැතිය නැතිව ඇපදීලා!

පොළොන්නරුව හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතන නඩුවේ විත්තිකරුවන්ට සිය අනුමැතියකින් තොරව ඇප ලබාදෙමින් ගම්පහ මහාධිකරණය ලබාදුන් තීන්දුව නීති විරෝධී බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (12) දැනුම් දුන්නේය.

එම ඝාතන සිද්ධිය සම්බන්ධව රිමාන්ඩ් භාරයේ පසු වූ විත්තිකරුවන් ඇපමත මුදාහැරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මේ බව සඳහන් කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන පිරිසගෙන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඇප පනත පමණක් සැළකිල්ලට ගෙන විත්තිකරුවන්ට ඇප ලබාදීම සිදුකර ඇති බවයි.

මෙවැනි අපරාධ නඩුවක විත්තිකරුවන්ට ඇප ලබාදීමේදී නීතිපතිවරයාගේ අනුමැතිය අත්‍යවශ්‍ය කාරණයක් බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම විත්තිකරුවන්ට ඇප ලබාදීමට නීතිපතිවරයා විසින් අනුමැතිය ලබා දී නැති අතර, එවැනි අනුමැතියකින් තොරව ඇප ලබාදීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට බලයක් නොමැති බව ද හෙතෙම කළේය.

සහන් මාපා බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ ඩී. ඒ. රුවන්පතිරණ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩු විභාගය සිදුකෙරිණි. එහිදී විත්තිකරුවන් පස්දෙනකු ඇප මත මුදාහරින ලද අතර, ඉකුත් ජූලි මස 28 වැනිදා සෙසු විත්තිකරුවන් 32දෙනා ඇප මත මුදාහැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේය.

එම තීරණය අසාධාරණ සහ අත්තනෝමතික තීරණයක් බැවින් එම විත්තිකරුවන් ඇපමත මුදාහරින ලෙස නියම කරමින් දෙන ලද මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ තීරණය බල රහිත කරන ලෙස එමඟින් ඉල්ලා ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතර, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ නීතිඥ ලාල් කුමාරපේලි විත්තිකාර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටියහ.(දිනමිණ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka