අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර 15කින් සමන්විත නිවෙස සහිත ඉඩම, ව්‍යාපෘතියක් සඳහා යොදවා ගැනීමට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
මෙම ඉඩම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ යැයි පැවසුනද, හිමිකරුවකු නොමැති වීම හේතුවෙන් මෙම ඉඩම 2015 වසරේදී අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගැණුනි.
ඊයේ (21) පස්වරුවේදී මෙම ඉඩම නිරීක්ෂණය කිරීම අධිකරණ ඇමැතිවරයා එහි ගොස් තිබුණු අතර, එහිදී ඔහු පවසා තිබුණේ මෙම ඉඩම ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව තමා මීට පෙර ඉදිරිපත් කළද රජය වෙනස් වීමත් සමගම එය නතර වූ බවයි.
නමුත් නැවත ඒ ගැන සොයා බලා නැවත එම යෝජනාවම ක්‍රියාත්මක කිරීමට හෝ නැති නම් වෙනත් ව්‍යාපෘතියක් එහි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය දැනුවත් කොට කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.