මෛත්‍රී ජනපති අපේක්ෂකකම ඉල්ලයි – ශ්‍රීලනිප සන්ධානයට බාලගිරි!
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන නව දේශපාලන සන්ධානයට අදාළ ගිවිසුම් අත්සන් කිරීම තවදුරටත් පමාවන බව වාර්තා වෙයි.
ඊට හේතු වී ඇත්තේ මෙම සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය නොවීමයි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙම තනතුර සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු හා නීති විශාරදවරයකු වන අයකුගේ නම යෝජනා කර ඇත.
එහෙත් ජනාධිපති අපේක්ෂකත්වයට වඩාත් සුදුස්සා තමන් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිගින් දිගටම ප්‍රකාශ කිරීම නිසා අපේක්ෂකත්වය පිළිබඳ අර්බුදය හටගත් බව වැඩිදුරටත් වාර්තා වෙයි.
එම නිසා මාර්තු මස මුල් සතියේ අත්සන් කිරීමට නියමිතව තිබූ නව සන්ධාන ගිවිසුම අත්සන් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව කියැවේ.
එම සන්ධානයට එක්වීම සඳහා අනුර යාපා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ලාන්සා පිල, නසීර් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පක්ෂය, මන්ත්‍රී වියලේන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂය හා අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් මූලික වශයෙන් එකඟ වී තිබිණි.
මෛත්‍රී ජනපති අපේක්ෂකකම ඉල්ලයි – ශ්‍රීලනිප සන්ධානයට බාලගිරි!
2024-02-18T19:41:00+05:30
Gossip Lanka Hot News





