gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අප්පච්චි කළ හරිය… හම්බන්තොට පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් වයසට සරිලන බර නැති කෘෂ දරුවන්… රටේ පාසල් දරුවන්ගෙන් පහෙන් එකකට වඩා කෘෂයි!

හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්  හමුවන වයසට සරිලන බර නැති දරුවන් එනම් කෘෂ දරුවන්ගේ ප්‍රතිශතය එම කලාපයේ පාසල් දරුවන්ගෙන් සියයට 32.4ක් බවත්,  රටේ පාසල් දරුවන්ගෙන් සියයට 21.5ක් කෘෂ දරුවන් බවත්  පවුල් සෞඛ්‍ය කාර්යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඒ අනුව හම්බන්තොට පාසල් දරුවන්ගෙන් තුනෙන් එකකට ඉතා ආසන්න ප්‍රමාණයක් කෘෂ දරුවන්වන අතර රටේ පාසල් දරුවන්ගෙන් පහයෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් කෘෂ දරුවන්ය.

එම වාර්තාව මෙම දත්ත නිකුත් කරන්නේ වර්ෂ 2022 පෝෂණ මාසයට සාපේක්ෂවය.   අදාල වර්තාව අනුව  2023  වර්ෂයේ දි  රටේ කෘෂ දරුවන් ප්‍රතිශතය  සියයට 19.5 සිට  21.0 දක්වා  වැඩි වී තිබේ. ‍

වයසට සරිලන බර  නොමැති  දරුවන්ගේ ප්‍රතිශතය වැඩිවි ඇත්තේ 1,4,7,10 යන ග්‍රේණිවල  ඉගෙනුම ලබන පාසල් දරුවන්ගේ බවද මෙම වාර්තාව මගින් පෙන්වා දි ඇත.

නුවරඑළිය, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිවි, වවුනියා,කැගැල්ල, රත්නපුර, හම්බන්තොට, කොළඹ යන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල වයසට සරිලන බර  නොමැති පාසල් දරුවන්ගේ ප්‍රතිශතය 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දි වැඩිවි ඇතිබවද මෙම වාර්තාවේ සදහන් වේ.

වයසට සරිලන බර  නොමැති පාසල් දරුවන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් 2023 වර්ෂයේ පෝෂණ මාසයේ දි වාර්තාවන්නේ  හම්බන්තොට සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් වන අතර එම ප්‍රතිශතය සියයට 32.4ක්බවද මෙම වාර්තාවේ වැඩිදුරටත්සදහන් වේ.

-ලලිත් චාමින්ද
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka