මෛත්‍රීට ගෙදරින් යන්න වෙයි – පැජට් පාරේ නිවස ලබාදීමේ කැබිනට් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ධූරයෙන් ඉවත්ව ගිය පසුවද කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිල නිවසේ රැඳී සිටීමට අවසර ලබාදුන් කැබිනට් මණ්ඩල තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අද අවලංගු කළේය.
ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යෑමෙන් පසුවත් ඔහුටම ලබාදීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැබිනට්ම ණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයකින් ඔහුට අදාළ නිවස අනුමත කරගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.
මෛත්‍රීට ගෙදරින් යන්න වෙයි – පැජට් පාරේ නිවස ලබාදීමේ කැබිනට් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි
2024-02-29T20:30:00+05:30
Gossip Lanka Hot News






