කෙහෙලිය තව සති දෙකක් වැලිකඩ රිමාන්ඩ්!
ව්‍යාජ ප්‍රතිදේහ ලබා දී රජයට දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු කළ බවට වන නඩුවට අදාළ සැකකරුවෙක් ලෙසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල තවත් සති දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
කෙසේ වෙතත් ඒ අතර තමන් කිසිදු සාධාරණ හේතුවකින් තොරව අත්අඩංගුවට ගැනීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් සැකකාර හිටපු අමාත්‍යවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
කෙහෙලිය තව සති දෙකක් වැලිකඩ රිමාන්ඩ්!
2024-03-01T07:15:00+05:30
Gossip Lanka Hot News






