gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සල්ලි නැහැ කියලා ඡන්ද කල් දාන්න බැහැ – හිටපු මැතිවරණ කොමසාරිස් කියපු කතාව

2024 මැතිවරණ වසරක් ලෙසයි බොහෝ දෙනා සලකන්නේ. ජනාධිපතිවරණය මේ වසර අවසන් වීමට පෙර පැවැත්විය යුතුව ඇති නමුත් ආණ්ඩුව පාර්ශ්වයෙන් ඊට කිසිදු සූදානමක් නැති බවට විපක්ෂයේ බොහෝ දේශපාලනඥයන් චෝදනා කරනවා.

එවන් පසුබිමක මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා, සමාජය තුළ දැඩි කතාබහට ලක්ව ඇති ‘ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වෙනවාද?’ යන මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. Neth FM යූටියුබ් නාලිකාවේ QUICK CHAT වැඩසටහන සමග එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ අනිවාර්යයෙන්ම මෙම වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි. මහින්ද දේශප්‍රිය මහතා සමග සිදුකළ එම සම්මුඛ සාකච්ඡාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

හෙට ඡන්දේ තිබුණොත් ඔබ ඡන්දෙ දාන්න යනවද?

ඔව්, අනිවාර්යයෙන්.

ඔබට මිනිස්සු මුණගැහෙනවා. ඒ අය ඡන්දේ දෙනවා කියලා කියනවද?

ඡන්ද ගැන සමහරුන්ගේ විශ්වාසය කඩවෙලා තියෙන්නේ. ඡන්දේ දාන්නේ නෑ කියලා කියන අය ඉන්නවා. ඒ අයට අපි කියනවා ඡන්දය ඔබේ අයිතියයි, ඡන්දේ නොදා ඉන්න එපා, ඡන්දේ දාන්න කියලා.

ලංකාවේ ඡන්දවලට වුණෙත් ක්‍රිකට්වලට වෙච්ච දේම නේද?

මම දැක්කා ෆේස්බුක් එකේ කවුරු හරි ලියලා තියෙනවා ‘අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයොයි ඡන්දදායකයොයි දෙගොල්ලොම එකයි, ක්‍රීඩකයෝ වගකීමෙන් යුතුව බැට් කරන්නේ නෑ, ඡන්දදායකයෝ වගකීමෙන් ඡන්දේ දෙන්නේ නෑ’ කියලා.

ඔබතුමාට ඒ ගැන කියන්නේ තියෙන්නේ මොකක්ද?

ඒක හරි කියලා කියන්න පුළුවන්.

ළඟදීම තියෙන ඡන්දේ මොකක්ද?

ළඟදීම තියන්න ඕනේ නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තමයි. කල්දාලා තියෙන්නේ ඒක. ඊළඟට පළාත් සභාත් එන්න ඕනේ. නමුත් මට පේන විදියට නම් කල් දැමීමකින් තොරව නිශ්චිත දවසේ තියන්න ඕනේ ජනාධිපතිවරණය.

ජනාධිපතිවරණයක් එයිද? නැත්නම් ජනමත විචාරණයක් එයිද?

ජනමත විචාරණයක් තියන්න බැරිවෙයි. ජනමත විචාරණයක් තියන්නේ මොකක් සඳහාද? ජනාධිපතිවරණය තියන්නම වෙයි. ජනාධිපති ක්‍රමය අවලංගු කරන්න ජනමත විචාරණයක් එනවා කියන එක අවුරුද්දක් ඇතුළත කරන්න පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ.

රටේ ආර්ථිකය දුර්වලයි, සල්ලි නෑ කියලා එක සැරයක් ඡන්දේ කල් දැම්මා. සල්ලි නෑ කියලා ආයෙත් ඡන්දය කල් දාන්න පුළුවන්ද?

ජනාධිපතිවරණය කල් දාන්න බෑ මොන හේතුවක් උඩවත්.

ඒ කියන්නේ සල්ලි නෑ කියලාවත් කල් දාන්න බෑ?

බෑ.

ඡන්දයක් තියන්න කීයක් විතර වියදම් වෙනවද?

අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලලා තිබුණේ බිලියන 10ක් නේ. බිලියන 10ක් කියන්නේ කෝටි 1000ක්.

Neth FM යූටියුබ් නාලිකාවේ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka