gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති සහ රජය සම්බන්ධව මහා නායක හිමිවරුන්ගේ විශ්වාසය බිඳිලා… එය අතිශය බරපතල තත්ත්වයක් - මහා නා හිමිවරු බැහැ දැක පැමිණ හිරුණිකා කියයි

ජනාධිපතිට රජයට දේශපාලනඥන්ට සමස්ථ රට වැසියන්ට ආශිර්වාදය ලබා දෙන ඉහළම ආගමික නායකයින්වන මල් වතු අස්ගිරි උභය මහා විහාරයීය මහා සංඝරත්නයේ විශ්වාසය  පවතින රජය සම්බන්දව බිඳි ගොස් ඇති බවත්,  එය අතිශය දරුණු භයානක තත්ත්වයක් බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

උන්වහන්සේලාගේ සිතෙහි ජනාධිපති ඇතුළු රජය පිළිබඳ පවතින අවිශ්වාසය බිඳුණු වීදුරුවක් බඳු යැයි ද   එය ඔප දැමූ වීදුරුවක් බවට පත් කිරීම පහසු නැතැයි ද ඇය ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය පෙබරවාරි 24 වැනි දින මහනුවර මහයියාව වේවැල් පිටිය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවත් කන්ද උඩරට කාන්තාව පදනම් කරගනිමින් මෙවර කාන්තා දින සැමරුම් උත්සවය සමගි ජන බලවේගය මගින් පවත්වන බවත් දැනුම් දී ඒ සඳහා ආශිර්වාද ලබා ගැනීම සඳහා ඊයේ  (22) පෙරවරුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මල්වතු අස්ගිරි උභය මහා විහාරද්වයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට පැමිණ තිබිණි.

අනතුරු මාධ්‍ය අමතා ප්‍රකාශයක් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  රටේ ආර්ථිකය  බින්දුවට වැටී තිබෙන මෙවන් මොහොතක මහ බැංකු සේවකයන් පමණක් ම වැටුප් ඉහළ දමා ගැනීම ලජ්ජා සහගත ක්‍රියාවක් බවද   කියා සිටියාය.

කන්ද උඩරට කාන්තා ශක්තිය සමගි ජන බලවේගයේ ශක්තිය බවට පරිවර්තනය කර ගැනීමට නායක සජිත් ප්‍රේමදාස   අපේක්ෂා කරන බවත් එය අතිශය සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවත් ඇය එහිදී මාධ්‍ය හමුවේ කියා සිටියාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka