රු.ලක්ෂ 10000 ඉපැයූවේ කුඩු සහ අපරාධවලින්දැයි විමර්ශන : එජාප තරුණ බළකා සභාපති ඇතුළු පිරිසට නඩු!
උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් ලක්ෂ 10000 අධික දේපළ සන්තකයේ තබා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණයට අනුබල ආධාර දුන් බව කියන දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා වන එක්සත් ජාතික පක්ෂ තරුණ බලකායේ සභාපති තරිඳු මධුසංඛ සහ ඔහුගේ මව, සහ දෙමටගොඩ රුවන්ගේ සහෝදරියට එරෙහිව අධිචෝදනා තුනක් යටතේ නඩු පවරන බව රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ (8) අධිකරණය හමුවේ පැවසුවා.
විමර්ශන නිලධාරීන් තවදුරටත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි ඉල්ලා සිටියද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර ඇප මත මුදාහැරීමට නියෝග කරනු ලැබුවා.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් නීති විරෝධීව වත්කම් උපයාගැනීම සම්බන්ධයෙනුයි මොවුනට එරෙහිව විමර්ශන සිදු කරනු ලබන්නේ. තරිඳු නමැති එජාප තරුණ බලවතා සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ඔහු තවත් මිලියන 1000කට අධික දේපළ මිලදී ගෙන ඇතැයි පවසමින්.
රු.ලක්ෂ 10000 ඉපැයූවේ කුඩු සහ අපරාධවලින්දැයි විමර්ශන : එජාප තරුණ බළකා සභාපති ඇතුළු පිරිසට නඩු!
2024-02-09T12:28:00+05:30
Gossip Lanka Hot News






