gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සැමියාගේ මරණය ගැන CID එකට පැමිණිලි කළේ ඩ්‍රයිවර් අමාරුවේ දාන්න නෙමෙයි – සනත් නිශාන්තගේ බිරිඳ කියයි

තම ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ, මෙම අනතුර සම්බන්ධයෙන් නිර්මාණය වූ සමාජ මතවාදයද සැළකිල්ලට ගෙන යැයි හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ බිරිය වන නීතිඥ චමරි ප්‍රියංකා පවසයි.

එසේ නොමැතිව අනතුර සිදු වූ අවස්ථාවේ ජීප් රිය පැදවූ රියැදුරු සෘජුවම ඉලක්ක කරගෙන මෙම පැමිණිල්ල කළේ නැතැයිද ඇය ‘මව්බිම පුවත්පත’ ට පවසා තිබේ.

කිසියම් පුද්ගලයකු දඬුකඳේ ගසනවාට වඩා සැබැවින්ම මෙම අනතුර වූ හේතුව සොයාගැනීමට පැමිණිල්ලේ අරමුණා යැයිද ඇය සඳහන් කර තිබේ.

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ හදිසි මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළුව විවිධ පාර්ශවවලින් නිර්මාණය වී ඇති මතවාද තම සිතට මහත් බලපෑමක් යැයිද, ඒ අනුව මෙම අනතුරේ සැබෑව සොයා ගැනීම තම එකම වුවමනාව යැයිද ඇය පවසයි.

දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් මෙන්ම රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයෙකු වූ හිටපු ජල සම්පාදන රාජ්‍ය ඇමැති සහත් නිශාන්ත පෙරේරා පසුගිය ජනවාරි 25 වැනිදා ජීවිතක්ෂයට පත් වූයේ කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකිනි.

අනතුරෙන් පසුව සනත් නිශාන්තගේ රථය පැදවූ රථය පැදවූ රියදුරාවන ප්‍රභාත් එරංග පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැලිසර මහේස්ත්‍රාත්වරයා පසුගිය 05 වැනිදා ඔහු ඇපමත මුදාහැරීමට නියෝග කර ඇත.

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ මරණය සැක සහිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ මතයක් නිර්මාණය වී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka