දඹුල්ලේදී පැවති ඉඩම් බෙදාදීමේ රාජ්‍ය උත්සවයකට තමන් සහභාගි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන ලැබුණු ආරාධනාවක් මත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
එම උත්සවයට තමන් හිටපු අමාත් ඉඩම් අමාත්‍යවරයෙකු ලෙස සහභාගි වීම නිවැරදි තීන්දුවක් ලෙස තමන් සිතන බවද හෙතෙම සඳහන් කළේය.
යහපාලන ආණ්ඩුව කාලයේ එම ඉඩම් බෙදාදීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ තමන් විසින් බවත් එක් පාර්ශවයක් අධිකරණයට ගොස් එම වැඩපිළිවෙළ නතර කළ බවත් ඔහු චෝදනා කරයි.
නමුත් එම වැඩසටහනේ පුරෝගාමිකයෙකු ලෙස තමන්ට එම උත්සවයට ආරාධනා කළ බවත් තමන් එහි පුරෝගාමිකයකු බව ජනාධිපතිවරයාත් හරින් ප්‍රනාන්දු ඇමතිවරයාත් පැහැදිලිවම පැවසූ බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
