සනත් නිශාන්තගේ බිරිද පොහොට්ටුවේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට!
හදිසි රිය අනතුරකින් මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිද, නීතීඥ චමරී ප්‍රියන්කා, පොහොට්ටු පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
පොහොට්ටු පක්ෂයේ තරුණ මන්ත්‍රී කණ්ඩායම ඒ වෙනුවෙන් වෙහෙසෙන අතර, ඊට පොහොට්ටු පක්ෂයේ ඉහළ නායකත්වයේ එකගතාවය ලැබී ඇති බවද පැවසේ.
නීතීඥ චමරී ප්‍රියන්කාට ඉඩ දී ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට පොහොට්ටු පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම මේ වන විටත් සිය කැමැත්ත ලබා දී ඇති බව ද වාර්තා වේ.
සනත් නිශාන්තගේ බිරිද පොහොට්ටුවේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට!
2024-02-03T08:33:00+05:30
Gossip Lanka Hot News






