ඊයේ නාව කෙහෙළිය අද CIDයට ඇවිත්!
මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.
අද පෙරවරු 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණය ඊයේ නියෝග කර තිබුණි.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධියට අදාළ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.
මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම් දී තිබුණ ද ඔහු එය සිතාමතාම මගහැර තිබූ බවට අධිකරණයේදී කරුණු ඉදිරිපත් වුණි.
ඊයේ නාව කෙහෙළිය අද CIDයට ඇවිත්!
2024-02-02T11:38:00+05:30
Gossip Lanka Hot News






