gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දයා රත්නායක දිලිත්ගේ පක්ෂයට ගියේ නැහැ – සජබයෙන් මාධ්‍ය නිවේදනයක්!

සමගි ජන බලවේගය සමඟ එක් වූ හිටපු යුධ හමුදාපති දයා රත්නායක මහතා මව්බිම ජනතා පක්ෂය සමඟ එක් වූ බවට සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍ය බව පවසමින් සමඟි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එවැනි සිදුවීමක් සිදු වී නොමැති අතර මෙම පුවතත් සමඟ සංසරණය වන ඡායාරූපය පැරණි ඡායාරූපයක් බවත් එවැන්නක් භාවිතා කොට සිදු කරනු ලබන දේශපාලන ප්‍රචාරයන් තරයේ හෙලා දකින බවත් එම නිවේදනයේ සඳහන්.

සමගි ජන බලවේගය ශක්තිමත් කිරීම සඳහා විවිධ පාර්ශවයන් ඒකරාශි වීම තුළ මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් ඉදිරියේදී ද සිදුවිය හැකි බවත්,  ඒ පිළිබදව දැඩි අවධානයෙන් පසුවන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

මෙවැනි ඡායාරූප පල කිරීමට පෙර අදාළ පාර්ශවයක් වන ජනරාල් දයා රත්නායක මහතා විමසා කටයුතු කිරීම සිදු කලේ නම් එය යහපත් මාධ්‍ය භාවිතයක් බවද සජබ මාධ්‍ය නිවේදනය මගින් කියා සිටිනවා.

ජනාධිපති මැතිවරණ ප්‍රධානී සුජීව සේනසිංහ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka