gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගේ ප්‍රබලයන් රනිල් සමග තීරණාත්මක සාකච්ඡාවක්!

සජිත් පිලේ ප්‍රබල නියෝජිතයන් දෙදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පෙරේදා සෙනසුරාදා පස්වරුවේ තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇති අතර සියලු පක්ෂ ඒකාබද්ධ වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ.

එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර තිබෙන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී කැබිනට් ඇමති ධුර බෙදා ගැනීම පිළිබදවය. හිටපු ජනාධිපතිවරු වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝටාබය රාජපක්ෂ යන සියලුම දෙනා එම ජාතික ආණ්ඩුවකට පූර්ණ එකඟත්වය පල කර ඇති බව මේ වනවිට හෙළි වේ. එම ජාතික ආණ්ඩුව පිහිටුවීමත් සමග කැබිනට් ඇමති බලතල එම සියලු කණ්ඩායම් වෙත තබා ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඉන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට පිළිබඳව අවධානය යොමු කර තිබේ. මෙම මැතිවරණ දෙක සඳහාම ජාතික ජන බලවේගය හැර අනිකුත් සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක් කර ගැනීමට සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛතම එකඟත්වයකට පැමිණ ඇති බව වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka