gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරීන්ව වහාම නෙරපන්න! : හරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරලා!

ඉකුත් දා ඉන්දියාවේ දී අදහස් දක්වමින්, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් "ශ්‍රී ලංකාව ඉන්දියාවේ ම කොටසක්" බව පිළිගනිමින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ මේ වන විට දැවැන්ත විරෝධයක් හා විවේචන එල්ල වෙමින් පවතී.

එහි දී අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශය හරහා ඔහු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතාමතා ම උල්ලංගණය කර ඇති බවයි, විවේචකයන් පවසන්නේ.

වහා ම අමාත්‍ය ධුරයෙන් නෙරපිය යුතුයි!

එම විවේචකයන් අතරින් කැපී පෙනෙන විවේචනයක් කිරීමට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස ද සේවය කළ ආචාර්ය දයාන් ජයතිලක මහතා කටයුතු කළ අතර ඔහු බී.බී.සී සිංහල සේවයට අදහස් දක්වමින් පවසා තිබුණේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස හරින් ප්‍රනාන්දු "ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව ඒත්තු ගන්වමින් කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්," ලෙසයි.

එම ප්‍රකාශය "අතිශයින් බරපතළ" එකක් බව පවසන ජයතිලක මහතා එහි දී ප්‍රකාශ කර තිබුණේ, "ඔහු මේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙකු හැටියටයි. ඒ වගේ ම, මේක සම්මුඛ සාකච්ඡාවකදී සිදුවුණ වචන පටලැවීමක් විදිහට සලකන්නත් බෑ. මේක හිතාමතා කරන දේශනයක් අතරතුර කරපු ප්‍රකාශයක්. ඒ වගේ ම, ඔහු කියනවා, 'ඇත්තට ම ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නිසා' කියන අදහසක්. ඒ නිසා මේක අත්වැරදීමක් හෝ කටවැරදීමක් ලෙස ලඝු කොට සලකන්න පුළුවන්කමක් නෑ," යනුවෙන්.

ඒ අනුව බී.බී.සී සිංහල සේවය ඔහු අවධාරණය කර තිබුණේ, අදාළ ප්‍රකාශය මුල් කොට ගනිමින් මෙවන් ප්‍රකාශයක් කළ පුද්ගලයෙකු කැබිනට් අමාත්‍ය ධූරයෙන් වහා නෙරපා දැමිය යුතු බවයි.

"රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවත් මේක වැරදි ප්‍රකාශයක්. ඒ කියන්නේ මේ ප්‍රකාශය හරහා ඔහු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ නිසා වහා ම ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු යි. එහෙම කරන්න ආණ්ඩුව අසමත් වුණොත් අපට කියන්න වෙනවා, ආණ්ඩුවත් ඔහුගේ ප්‍රකාශය අනුමත කරනවා කියන එක."

හරීන්ගේ ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශය

මේ වන විට විවේචන එල්ල වෙමින් පවතින ප්‍රකාශය මුම්බායි නුවර දී, ඉන්දීය ව්‍යවසායකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා කර තිබූ ප්‍රකාශයකි.

අමාත්‍යවරයා, එහි දී ඉංග්‍රීසි භාෂාවෙන් පවසා තිබුණේ මෙවන් අදහසක් නැගෙන ප්‍රකාශයකි.

"තෙල් ටැංකි ගත්තේ ඉන්දීය සමාගම්වලින්. අපේ සූර්ය බල ශක්ති සපයන්නේත් ඉන්දීය සමාගම්. මම හිතන්නේ, ඒ නිසා තමයි ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේ, ඔබ කොහේ හරි සංචාරය කරනවා නම්, ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න කියලා, මොක ද, ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් ඇත්තට ම."

අධිකරණ අමාත්‍යවරයාගේ මතය

ආචාර්ය දයාන් ජයතිලක එවන් මතයක් දරණ අතරතුර මෙරට අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවයට පවසා තිබුණේ, "වගකීමකින් කරපු ප්‍රකාශයක්, නොවන බව පෙනී යන්නේ" යනුවෙන්.

"මට නම් තේරුණේ එයා ඒක හරියට අර්ථයක් ඇතුව කියපු දෙයක් නෙවෙයි. කතා කරනකොට කට වරදිනවා කියන්නේ, ඒ වගේ වැරදීමකින් කියවෙච්ච ප්‍රකාශයක් කියලා. වගකීමකින් කරපු ප්‍රකාශයක් නොවන බව පේනවා. සමහර විට හොඳ හිත තහවුරු කර ගන්න යාමේ දී අන්තෙට ගිහිල්ලා ඕවර් රියැක්ෂන් එකකට ගිහිල්ලා වගේ තියෙන්නේ. විදේශ රාජ්‍යයක ගිහිල්ලා කතා කරනකොට වගකීමකින් කතා කරනවා නම් ඔය වගේ ගැටලු එන්නෙ නෑ."



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka