gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පලමුව ජනාධිපතිවරණය පැවැත්වෙනවා… මහ මැතිවරණයක් ජනමත විචාරණයක් නොවේ..- ජනපති

එක්සත් ජනරජ පෙරමුණ විසින් ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවල යටතේ සියලු පක්ෂ සමඟ සාකච්ජා සිදුකිරීමට යෝජනා වූ අතර එහි එක් පියවරක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනරජ පෙරමුණ වෙත ආරාධනයක් සිදුකර තිබිණි.

එම ආරාධනය අනුව ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හා එහි නායකයන් සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයෙදී සාකච්ජාවක් පැවැත්විණ.

මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර මහතා, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, රොනල්ඩ් පෙරේරා හා එක්සත් ජනරජ පක්ෂය වෙනුවෙන් දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන නීතිඥ ශිරාල් ලක්තිලක හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ , තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් සම්බන්ධ විය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජනරජ පෙරමුණේ මෙම වැඩපිළිවල අධ්‍යනය කළ බවත් එය ඉතා වැදගත් වැඩපිළිවලක් බවත් මේ මොහොතේ ආර්ථික ස්ථායිකරණය සඳහා රාජ්‍ය අදායම ඉහළ දැමීමට තමන්ද කටයුතු කරමින් සිටින බවත් ජනරජ පෙරමුණේ යෝජනාවන් සේම අදායම් අධිකාරියක් වැනි වැඩපිළිවලක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

එමෙන්ම දේශපාලන ක්‍රියාමාර්ගය පිළිබඳව දෙපාර්ශයේ සාකච්ජා සිදුවූ අතර එහිදී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ඉදිරියේදී පවතින මැතිවරණ සඳහා මෙවැනි පොදු අවම වැඩපිළිවලක් බලගැන්විය හැකි සන්ධානයක් අවශ්‍ය බවයි. ඒ අනුව ජනාධිපතිවරයාද පවසා සිටියේ එවැනි අදහසකට තමන්ගේද කැමැත්තක් ඇති බවයි. විශේෂයෙන්ම IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මාර්තු මස අග බාගයේදී සියලු පක්ෂ සමඟ සාකච්ජා කිරීමට තමන්ද අරමුණු කරගෙන ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.

තවද වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ඉදිරියේදී මහ මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් නොපවත්වන බවත් පවත්වනු ලබන්නේ ජනාධිපතිවරණය බවත්ය.

ඒ අනුව ජනරජ පෙරමුණේ නායකයන් පවසා සිටියේ ඉදිරි මැතිවරණයකදී මෙවැනි පොදු වැඩපිළිවලක් ඉදිරියට පැමිණිය යුතු බවත් එමගින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වියයුතු අපේක්ෂකයා ජනතා මනාපයෙන් ජයග්‍රහණය කළ හැකි අයෙකු වීම හා ජයග්‍රහණයෙන් පසු රට පාලනය කළ හැකි නායකයෙකු වියයුතු බවත්වය. එහිදී ජනරජ පෙරමුණේ නායකයන්ගේ එම අදහස ජනාධිපතිවරයාද අනුමත කරන ලදී.

එමෙන්ම මෙම සාකච්ජා පක්ෂ ලේකම්වරු මාර්ගයෙන් ඉදිරියටත් කරගෙන යාම සඳහා දෙපාර්ශවයේම එකඟතාවය ඇතිවිය.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka