gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට හදන්න පුළුවන් මට විතරයි..

අනුර කුමාර දිසානායක සිහිනෙන් මේ රටේ ජනාධිපති වි ඇති බව ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පැවසිය. සීලරතන හිමියන් ඒ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලිමට පැමිණිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සීලරතන හිමියන් කියා සිටියේ

ජනසෙත පෙරමුණ පක්ෂයක් වශයෙන් රටේ දුප්පත් මිනිසුන් ගැන සෙයා බලා කටයුතු කිරිම අපේ අරමුණයි.

වතුකරයේ ජනතාවගේ ජන්දයෙන් පත් වෙලා ඉන්න ඇමතිවරු මන්ත්‍රිවරු ජනතාවට කිසිදු දෙයක් කරලා නැ , වතු කම්කරුවන්ගෙන් මාසිකව රු 350 ක සමාජික මුදලක් ආරුමුගන් තොණ්ඩමන් ගත්තා දැන් පුතත් ගන්නවා.

එහෙම සමාජික මුදල් අරගෙන වතු කම්කරුවන්ට සහනක් ලබා දෙන්නෙත් නැ,  ඒ සල්ලි වලින් තොණ්ඩමන්ලා සැප විදිනවා.

වතු කම්කරුවෙකුට රු දහසක් ලැබෙන්නේ  තේ කොල කිලෝ 20 ක් කැඩුවොත් විතරයි , එතකොට කොහොමද මේ ජනතාව ජිවත් වෙන්නේ.

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කරන්න ඕනි කියලා පාර්ලිමේන්තුවේ එකෙක් කතා කරලා නැ.

වතුකරයේ සිංහල දමිල ඇමතිවරු එකෙක් වැඩ කරලා නැ ඒ අය වැඩ කරගත්තා එයාලගේ පවුල් වලට.

මහින්ද රාජපක්ෂගෙන් අහන්න ඕනි රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරලා දැන් සැපද කියලා , එයා දැන් පුතාව පන්සල් ගානේ යවලා මැතිවරණයට ඉදිරිපත් කරන්න හදනවා.

මේ රට විනාශ කලේ රාජපක්ෂ පරපුර , රනිල් රට වෙන්දේසි කරනවා , මැතිවරණ කල් දානවා , ජනාධිපතිවරණය අහෝසි කරන්න හදනවා.

හැබැයි විධායක ජනාධිපති ධුරය මුන් නැති කරන්නේ නැ මොකද ඒක නැති කලොත් මුන්ට පාඩුයි.

අනුර කුමාර දිසානායක දැන් සිහිනෙන් ජනාධිපති වෙලා , දැන් ඒ අයට ඕනි ධනපතියන්, දුප්පත් මිනිසුන්ගේ ගැටළු පෙන්නේ නැ , ජනතාව වෙනුවෙන් හඩ නගපු ජාතික ජන බලවේගය ඇයි දැන් දුප්පත් මිනිසුන් වෙනුවෙන් හඩ නගන්නේ නැත්තේ.

රනිල් වික්‍රමසිංහ අනුරට ගහලා තියෙන්නේ ගැටයක් , රනිල් කිව්වා අනුරට පලයන් ඉන්දියාවට ගිහින් අදානි එක්ක කතා කරන්න කියලා දැන් අදානි හොදයි.
ජනතාවට වැඩ කරන්න පුළුවන් ජන සෙත පෙරමුණට විතරයි යනුවෙන් පැවසිය.
– රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka